Kadawara Yahana - මානසික රෝග චිකිත්සනයේදී ශාන්ති කර්මවල වැදගත්කම

මානසික රෝග චිකිත්සනයේදී ශාන්ති කර්මවල වැදගත්කම

සිංහල බෞද්ධයන් බුදු රජාණන්වහන්සේ දේශනා කළ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධාර්මය තම තමන්ගේ ජීවිත අභිවෘද්ධියට සරිලන පරිදි සකස් කරගෙන ඇත.මෙලොව ජීවත් වන සුළු කාලය තුළ මිනිසාට මුහුණ පෑමට සිදුවන ලෙඩ දුක් හිරිහැර කරදර අතුරු ආන්තරාවලට විද්‍යාත්මක පිළියම් සෙවීම පසෙක ලා දේව යක්ෂ ප්‍රේත භූත ආදී අදෘෂ්‍යමාන බලවේග කරා ඇදී ගොස් පීඩාවන් සුවකර ගැනීමට පෙළඹී ඇත.මේවා පිළිගත් සිංහල බෞද්ධයෝ ඔවුන් සතුටු වන පරිදි බලිබිලි පිදේනි ඔප්පු කළහොත් සෙත් ශාන්තියක් ලැබෙතැයි විශ්වාස කළ කළහ.මේ සඳහා කෙරෙන බලි ශාන්තියක් ලැබෙතැයි විශ්වාස කළහ.මේ සඳහා කෙරෙන බලි තොවිල් ආදී පූජා විධි ශාන්ති කර්ම නමින් හැඳින්වේ.මේවා අද ඊයේආඒම්භ වූ ඒවා නොව ශත වර්ෂ ගණැනාවක් මුළුල්ලේ පැතිර්ස් එමින් පවති.මෙකි පූජා කාර්ම ඉටු කරන පූජකයෝ,යක්දෙස්සෝ,යකැදුරෝ,ගුරුන්නාන්සේලා,කට්ටඩියෝ සහ කපුවෝ වෙති.පෞද්ගලික ඉෂ්ථාර්ථයන් සාධනය සඳහා කෙරෙන් තොවිල් අභිචාරි විධි වශයෙන් ද පොදු යහපත් වශයෙන් ද පොදු යහපත පතා කෙරෙන පූජා විධි පූජා කර්ම නමින් ද හැඳින්වෙන අතර පොදුවේ මේ සියල්ල ශාන්ති කර්ම ලෙස හැඳින් විය හැකිය.විශේෂයෙන් මිනිසුන්ට වැළදෙන මානසික රෝග නිවාරණයේ දී බලි තොවිල් ආදී ශාන්ති කර්ම වල චිකිත්සන ක්‍රියාවලියන් පවතින බව විශ්වාස කෙරේ.මෙහි දී යක්ෂ භූත,ප්‍රේත,ආදීන්ගේ බැල්ම වැටීමෙන් ලෙඩ දුක් ඇතිවන බව විශ්වාස කළ ද විවිධ හේතූන් මත මානසික දුබලතාවයන්ට ගොදුරුවන රෝගීන් මෙසේ වී ඇත්තේ අමනුෂ්‍ය බැල්ම නිසා බවට විශ්වාසයක් පවතී.කෙසේ හෝ මෙවැනි ශාන්ති කර්ම තුළින් මනෝවිද්‍යාත්මක එවැනි මානසික රෝග සමනයක් සිදුවේ.ඒ  නිසා මෙවැනි උගත් සමාජයක එමෙන්ම විද්‍යාත්මක දියුණුවක් පවතින කාලයක පවා ශාන්ති කර්ම නොනැසී පවතිනුයේ මේ අනුව ශාන්ති කර්ම විධි වර්තමාන සමාජයේ වුවද වැදගත් තැනක පවතී.

ශ්‍රී  ලංකාවේ දැනට පවතින ප්‍රධාන තොවිල් හතරක් ගැන සඳහන් කළ හැක

01.සන්නි යකුම
02.හූනියම් කැපිල්ල
03.රට යකුම
04.මහසොහොන් සමයම

මෙයට අමතරව පොදු පූජා කර්ම ලෙස

01.ගම්මඩුව
02.ඩෙවොල් මඩු
03.පූන මඩු
04.කොහොඹ කන්කාරිය

සඳහන් කළ හැකිය.

මේවායින් කීපයක් ඇති මානුෂික රෝග චිකිත්සන අවස්ථා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

සන්නි යකුම

මෙම සන්නි යකුම දහ අට පාලිය නමින් හැඳින් වේ.සන්නි යකුම යාගයේ සන්නි 18ම පැමිණෙන්නෙ කලාතුරකිනි,ශාන්ති කර්මය පටන් ගන්නේ රෑ අට්ට පමණය.ප්‍රධාන යකැදුරා අතුරටා ගෙනැවිත් ත්‍රිවිධා රත්නයේත් දළදා ස්වාමීන් වහන්සේගේත් බලයෙන් දෝෂා දුරු වේවායි අණ ගුණ කියවා පැදුරේ වාඩි කරවා ආතුරයාගේ දෙපසට මෝල් ගහක් ද පොල් ගෙඩියක් ද තබායි.පසුව බෙර වයා මල් පහන් පුදා පන්දම් අතේ ඇතිව යකැදුරෝ සැන්දෑ සමයම නටති.

අන්තුරුව යකුන්ට පිදේණි ඔප්පු දෙයි.එයින් පසු කෙරෙන්නේ පැදුරේ දැපිල්ලය.යකැදුරා පැදුරක් එලා අට කොණ විලක්කු අටක් දල්වයි.ඇදුරා එහි හාන්සි වන අතර ඔහුගේ සිරුර සුදු රෙද්දකින් ඉස සිට වසා මරු රීරී යකාගේ පිදේණිය ඒ මත තබයි.රීරී යකාට සබයට එන්ට කවි කියන අතර තමා ගෞතම බුදුන් අණයෙන් ආතුරයා වෙනුවෙන් පැදුරේ දපන බවත් තම ඇඟ මස් ලේ කුළල් සතර කන්නට කියා රීරි යකා අමතයි.

මරුවා ඇවිත් ඈත දැන් මට පෙනෙන නට
බැරුවා මෙමළ පැදුරේ මට දපන් නට
ඉරුවා පපුව කඩුවෙන් ඇණ දෙ පලු කොට
මරුවා වරෙන් අද මම දපනා තැනට

අපොයි දෙයියනේ මට ඉන්නට බැරු වා
සන්නි කුළල් සතරද ඇද ගෙන යන  වා
දුකයි ඉන්න බැරි මගේ පණ ටික මාරු වා
ඉතින් වළාමේ මළ කඳ ගෙනි යන වා

මරු රීරි යකා සබයට පන මරහඬ තලා අත පය වනා යකැදුරගේ ඇඟ මත නැඟ සතුටු වෙද්දී පැදුරත් සමඟ තුන් පළකින් යකැදුරා. බැඳගෙන හූ හඬ නගමින් පිට වී යයි 
මීළඟටස් සන්නි යකුන් එන්නට පෙර පූර්ව රංගනයක් මෙන් දහාඅට පාලිය සභාවට ඉදිරිපත් කෙරෙයි සභාවට එයි.බීන,ඇමැත්තු,ගොළු,බිහිරි,නාග ආදී වශයෙන් තම වේශයට ගැලපෙන විවිධ වෙස් මුහුණ පැළඳගෙන විත් බිම වැටී අඩතී දොඩති,වැළපෙති.
මෙයින් පසු අවසනයට කෝල සන්නි යකා පැමිණේ.ඇදුරා මහා කෝල සන්නි යකා ලෙස සැරසි යකා පැමිණේ.මොහු කඩවත් මුරකරුවන් ගෙන් බේරී ආතුරයා ළඟට එන්නට සැරසුන ද එය වළක්වති.අවසානයේ දී කොල  සන්නි යකා පැමිණ පිදේන්න බාරගන්නට සැරසෙයි.එය බාරගන්නා කෝල සන්නි යකා ගම ඉමෙන් පලවා හරී.පසුව ආතුරයාට සෙත් කර ආරක්ෂාව සලසනු ලැබේ.

සන්නි යකුම සම්පූර්ණයෙන්ම පාහේ මානසික රෝග නිවාරණාය කිරීමේ පරමාර්ථයෙන් සකස් වුවකි.එහි හැම සන්නි යක්ෂයකුම පෙනී සිටින්නේ තමා විසි මිනිසුන්ට කරන රෝගයන්ගේ ලක්ෂණ පෙන්නුම් කෙරෙන් විලාෂයෙනි.
කන සන්නි යක්ෂයා කනය.ගොළු සන්නි යක්ෂයා ගොළුය.අනෙකා බිහිරිය.එකෙකුට හිස රුදාවය.තව එකෙකුට වමනය.අනෙකාට පාචනයය.මේ ආදී වශයෙන් විවිධා රෝග සන්නි යකුන් නියෝජනය කෙරෙයි.මරු සන්නි යක්ෂයා වියරු වැටුනකුගේ  බිහිසුණු විලාශය දක්වයි.

මේ වන විට ආතුරයා යමකින් මෝහණයට පත්ව ඇති සේ පෙනේ.යක් බෙර හඬ ,එය තිවෘ කෙරෙන ගයන පමණක් නොව යකුන් මෙන් වෙස් වලාගෙන ඒන යකැදුරන් නිසා රෝගියා තුළ ඇති මානසික විකෘතීන් මෝචනය වීමත් සිදු වේ.යකැදුරන් හා යක්ෂ වේෂයෙන් පෙනී සිටින්නන් කරන සංවේද තුළින් ද, ආවේශයන්ගේ ද මෙම මානසික විරේචනය රෝගියා තුළ ඇති වේ.මේ අනුව රෝගියා තුළ සැපවත් වීමේ බලපොරොත්තුව මුල් බැස ගනී.යාගය පැවැත්වූ යකැදුරන් කෙරෙහි ඇතිවන විශ්වාසය තුළින් ද ඇතිවන මානසික තෘප්තිය හේතු කොට ගෙන රෝගියා සිවපත් වන බව පෙන්ව දිය හැක.

හූනියන් කැපිල්ල

යම්කිසි පුද්ගලයකුට කාන්තවකට හෝ පවුලකට හෝ කොඩිවිනයක්,හූනියමක කරන ලද අවස්ථාවක හූනියන් යකාගෙන උවදුරු පැමිණෙතැයි විශ්වාසයක් පවතී.මේ අපල වලින් මිදීම සඳහා හූනියන් කැපිල්ල නම් තොවිලය කරයි.මෙයට අමතරව හූනියන් කැපිල්ල ශාන්ති කර්මය කිරීමෙන් වස විස කැවීම පුළුටු ඇමනියා, උදර රෝග,ඇතිවන කටවහ ,ග්‍රහ දෝෂ ,යක් දෝෂ ,දෝෂ ආසිරි වැඩිල්ල වස් දෝස් යන රෝගයන් සමනය කෙරේ.

හූනියන් කැපිල්ල ශාන්ති කර්මය වෙනුවෙන් තීන්දු 16ක් කැපෙයි.හත් අඩි කසානූල් නව පොටෝ සලිතේර,හොඩල අලේ,අන්නක්ක,තැඹිලි පොලි,වැලි වළලු,අට මඟල් සහ අළු පුහුල් තීන්දුඅන්ය.

සූනියන් වීදිය ළඟට යකැදුරා ගොස් හූනියන් දෙවිඳු අමතා ආතුරයාට ශාන්ති කර්මය ගැන සිත සමාධි කරවා සත් අඩි වට්ටිය ඇතුළු නානුමුර යහන් සූනියන් දෙවිඳුට කැප කරවයි.පසුව කඩතුරාව හැර ආතුරයාට කහ දියර ඉස නානු මතුරා හිසගා තෙල්වලට මතුරා එය ද හිසගා දියර ඉස කැප කරයි.පසුව කඩතුරව හැර ආතුරයාට කහ දියර ඉස නානු මතුරා හිසගා තෙල්වලට මතුරා එයද හිසගා හඳුන් මතුරා හඳුන් හිසේ තියා සලු පළඳවනු ලැබේ.පසුව සූනියන් යකුට හා රීරි යකුට විලක්කු පානක් දල්වා තබා හත් අඩිය ජපකොට නැටීම කරනු ලැබේ.

ආතුරයා පළමු අඩියට කැඳවීමට ගිරය සහ දෙහි ගෙඩි තුනක් ගෙන මන්ත්‍ර කියා හතඩිය කපා නිමාවට පත් කරයි.පසුව මල් කලස් තබා පහන් පූජාවක් කොට ආතුරයාට පන්දම් අතර  දී කසා නූල් පුළුස්සා හැර වස්දොස් හරවයි.ඉන්පසුව සූනියන් පිදේන්න කැප කර දොළදීමේ වැඩ කටයුතු අවසාන කරනු ලැබේ.

ඊලඟට කරන්නේ වඩිඟ පටුන නැටීමයි.වඩිග පටුන නම් විචිත්‍ර ජවනිකාව ය්කැදුරන් රඟ දක්වනු ලැබන්නේ අළුයම් යාමයේය.මෙය මැණික් පල බිසවට වඩිග දේශයෙන් පැමිණි බමුනන් සත්දෙනා කරන ලද ශන්තිය අනුරූපනය කෙරේ.බමුණා සබයට පිවිසෙන්නේ මෙ ආකරයෙනි

දිළෙන රතැගිලි කිරණ විලසින් අනෙක බරණින් සැරසුනා
දෑත කරවම සුද්‍ර අෂ්ටක සිරස ජටිලය පළඳිනා
වචන පොත සහ සුරත කුඩය ද ගතය රන්වන් පැහැයෙනා
වඩිඟ දේසෙන නිපුන බමුණෙක් මෙදැන් සබයට නික්මුණා

යකුන්ට දොළ දී තීන්දු සොලස පේකර ගෙන අඹ අත්තෙන් ආතුරයාට මතුරා සෙත් කරනු ලැබේ.

සූනියන් කැපුම වැඩිවනත්ම මානසික ශාරිරික රෝගය රසියකට පිළියම් වශයෙන් කෙරෙන්නක් බව මෙය ක්‍රියාත්මක කෙරෙන ආකාරයෙන් පෙනී යන අතර ආතුරයා තුළ ඒ කෙරෙහි බලවත් විශ්වාසයක් ඇති කෙරෙන බැවින් රෝග සමනය වීම කෙරෙහි බෙහෙවින් බලපාන බව සැළකිය හැක.